චීන ආහාර ඇණවුම් බෙදා හැරීමේ සේවාවක් වන Ele.me අඟහරුවාදා පැවසුවේ බීජිං හි සියලුම ආහාර බෙදා හැරීමේ සේවකයන් සඳහා කොවිඩ්-19 පරීක්ෂාව සිදුකරන බවයි.
එම සමාගමේ Weibo පිටුවේ පළ කර ඇති නව පූර්වාරක්ෂක පියවර මාලාවක කොටසක් ලෙස, අලුතින් ලියාපදිංචි කරන ලද බෙදාහැරීමේ රියදුරන්ට ඉදිරියේදී අන්තර්ජාලය හරහා ඇණවුම් භාර ගැනීමට පෙර අදාළ පරීක්ෂණය කළ යුතු බව සමාගම නිවේදනය කළේය.
Ele.me හි ආහාර ඇණවුම් බෙදා හැරීමේ සේවකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව බීජිං සෞඛ්‍ය කොමිසම නිවේදනය කළ දිනයේම අදාල සමාගම මෙම පියවර ගෙන තිබුණි.
Ele.me චීන තාක්‍ෂණ සමාගමක් වන අලිබබා හි අනුබද්ධ සමාගමක් වන අතර චීනයේ නගර 2,000ක් පුරා ක්‍රියාත්මක වන අතර, මිලියන 3 කට අධික බෙදාහැරීමේ සේවකයින් සේවය කරයි.