චීනයේ කොවිඩ්-19 ආසාදිතයන් 81,439න් රෝගීන් 75,448ක්ම මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
ගෙවීගිය දිනයේ චීනයෙන් කොවිඩ්-19 මරණ 5ක් සමග නව ආසාදිතයන් 45ක් වාර්තා වුවත්, ඉන් 44 දෙනෙකුම විදෙස්ගතව යළි චීනයට පැමිණි අය බවද සඳහන් වෙයි. ඒ අනුව චීනයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,300කි.
කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ පළමු කේන්ද්‍රය චීනය වූ නමුත්, මේ වනවිට එක්සත් ජනපදය හා ඉතාලිය යන රටවල් මේ වනවිට එහි කේන්ද්‍රය බවට පත්ව ඇත්තේ ආසාදිතයන් හා මරණ චීනය අභිභවා වාර්තා කිරීම නිසාය.