චීනයෙන් ලෝක කුසලතා මධ්‍යස්ථානයක් - ෂී ජින්පිං


නව යුගයේදී ගුණාත්මක ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට සහ වෘත්තීය කුසලතා හා නවෝත්පාදනයන් සඳහා චීනය ප්‍රධාන කුසලතා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

ජනාධිපති ෂී මේ බව ප්‍රකාශ කළේ දෙදිනක් පුරා පැවති කුසලතාවන්ට අදාළ කටයුතු පිළිබඳ මධ්‍යම සමුළුවකට සහභාගී වෙමිනි.

මානව සම්පත් වැදගත් වන්නේ ඇයි?

දෙදින දින රැස්වීමේදී ජනාධිපති ෂී අවධාරණය කළේ මානව සම්පත් සංවර්ධනය කිරීමෙන් රට නැවත ශක්තිමත්වීමේ අවශ්‍යතාවයයි.

සමාජවාදී නවීකරණය සහ චීන ජාතියේ පුනර්ජීවනය සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඉතිහාසයේ කවරදාකටත් වඩා චීනය සමීප බව ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා, වෙන කවරදාටත් වඩා, දක්‍ෂ පුද්ගලයින් ඇති කර ගැනීමට රට මහත් උනන්දුවක් දක්වන බව ඔහු කීවේය.

විද්‍යා තාක්‍ෂණ ස්වයං විශ්වාසය සහ ස්වයං ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ෂී, දක්ෂතා යනු රටක පුළුල් ජාතික ශක්තියේ වැදගත් දර්ශකයක් බව පැවසීය.

"ඇති විය හැකි අනතුරු පිළිබඳව අපි දැඩි ලෙස දැනුවත් විය යුතු අතර, ස්වාධීන පිරිස් පුහුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මානව සම්පත් තුළ තරඟකාරී වාසිය තහවුරු කර ගැනීම වේගවත් කළ යුතුයි" ෂී පැවසීය.

2035 වනවිට නවීකරණය සාක්‍ෂාත් කර ගැනීම සහ 2050 වනවිට චීනය සෑම තත්ත්‍වයකින්ම විශිෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත් කිරීමේ රටේ දිගු කාලීන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්ය මණ්ඩල පදනම වැදගත් යැයි ද ඔහු පැවසීය.

ගුණාත්මක ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ මූලධර්ම මොනවාද?

චීන කොමියුනිස්ට් පක්ෂ සියවස් සැමරුම් ජාතික සම්මේලනයේදී කුසලතා කළමනාකරණයට ඉතා වැදගත් තැනක් හිමිවූ බව සඳහන් කළ ජනාධිපති ෂී සඳහන් කළේ, 2012 දී 18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික සම්මේලනයෙන් පසු මේ සම්බන්ධයෙන් ඓතිහාසික ජයග්‍රහණ සහ වෙනස්කම් සිදුකර ඇති බවද සඳහන් කළේය.

ගුණාත්මක ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ චීනයේ මූලෝපායේ මූලධර්ම ඔහු පැහැදිලි කළ අතර, මානව සම්පත කෙරෙහි පක්ෂය සමස්ත නායකත්වය ගත යුතු බවත්, රටේ සංවර්ධනයේදී මානව සම්පතට මුල් තැන දිය යුතු බවත් අවධාරණය කළේය.

උසස් මට්ටමේ තාක්‍ෂණයන්, ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රය, රටේ තීරණාත්මක අවශ්‍යතා සහ ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමුකළ යුතු අතර, ඒ සමග උසස් තත්ත්වයේ ශ්‍රම බලකායක් දියුණු කළ යුතු බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

කුසලතා ඇති පුද්ගලයින් තවදුරටත් පෝෂණය කරන ලෙසත් කුසලතා වර්ධනයට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන ලෙසත් ෂී රටෙන් ඉල්ලා සිටියේය.

කුසලතා ඇති අයගේ ප්‍රවීණතාවය මත පූර්ණ අවධානය යොමු කරන ලෙසත්, කුසලතා ඇති පුද්ගලයින් පහසුවෙන් හඳුනාගත හැකි, හොඳින් අගය කළ යුතු හා ගෞරව කළ හැකි හා ඔවුන්ගේ කුසලතා මුළුමනින්ම විදහා දැක්වීමට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

චීනය ප්‍රධාන ලෝක කුසලතා, නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට ගොඩනැගීම

ඉදිරිය දෙස බලමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ චීනය ලෝකයේ ප්‍රධාන කුසලතා මධ්‍යස්ථානය සහ නවෝත්පාදනයන්ගෙන් ප්‍රමුඛස්ථානයට ගොඩනැගීමේ ඉදිකිරීම් වේගවත් කරන ලෙසයි.

2025 වනවිට රටේ විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධනය සඳහා වන ආයෝඡනය සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවත්, 2030 වනවිට ගෝලීය වශයෙන් පළපුරුදු වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් ඇති කරන බවත් ෂී පොරොන්දු විය.

2035 වනවිට ලෝකයේ වඩාත්ම තරඟකාරී සහ ඉහළ මට්ටමේ වැඩ කරන බලවේග කිහිපයක් ඇති කර ගැනීම චීනයේ අරමුණ බව ඔහු පැවසීය.



Recommended Articles