චීනය විසින් ස්වයං-සංවර්ධිත, නැවත භාවිත කළ හැකි සහ උප-කක්ෂීය අභ්‍යවකාශ යානයක පරීක්ෂණය සම්පූර්ණ කළ අතර, රට එවැනි ආකාරයේ සාර්ථක පරීක්ෂණ පියාසැරියක් සනිටුහන් කළ පළමු වැනි අවස්ථාව මෙය බව කියයි.
මෙම අභ්‍යවකාශ යානය "සිරස් අතට" දියත් කරන ලද්දේ වයඹදිග චීනයේ ජිකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් බව එහි සංවර්ධකයා පවසයි.
මෙම අභ්‍යවකාශ යානය පරීක්ෂාවෙන් සහ නඩත්තුවෙන් පසුව ඔසවන ලද අතර පසුව නියමිත ක්‍රියා පටිපාටියට අනුකූලව උප කක්ෂීය පියාසැරිය සම්පූර්ණ කර උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන කලාපයේ ඇල්ක්සා රයිට් බැනර් ගුවන් තොටුපළට "ස්ථාවරව සහ තිරස් අතට" ගොඩබැස්වීමද සිදුකර ඇත.
එක් වරක් පමණක් භාවිත කළ හැකි යානයකට වඩා සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි පරීක්ෂණයක් සාර්ථක ලෙස අත්හදා බැලීම චීනය අභ්‍යවකාශ ප්‍රවාහන තාක්ෂණයේ සිදුකර ඇති විශාල ඉදිරි පියවරක් බව කියයි.