චීනයේ හුබෙයි පළාත ආශ්‍රිතව පැතිරී ගිය නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී සිදුවූ දෙවැනි මරණය ලෙස හොංකොං ජාතිකයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය පවසන ආකාරයට මියගිය පුද්ගලයා 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, දැනට හොංකොං හි කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔහු පසුගිය ජනවාරි 21දා චීනයේ වුහාන් නගරය වෙත දුම්රියෙන් ගමන් කර දින දෙකකට පසුව නැවත හොංකොං වෙත පැමිණි අයෙකු වෙයි.
චිනයෙන් පිටතදී මීට පෙර වාර්තා වූ කොරෝනා මරණය පිලිපීන ජාතිකයෙකු වන අතර, ඔහුද වුහාන් නගරයේ සංචාරය කළ පැමිණි අයෙකි.
ඊයේ දිනය අවසන් වනවිට නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 426ක් දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම මේ දක්වා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,000කට වැඩි බවත්, සුවය ලැබූවන් 632ක් බවත් චීන සෞඛ්‍ය කොමිසම පවසයි.