චීනයෙන් තවත් ආසාදිතයන් 23ක් - 15ක් දේශීය රෝගීන්


චීන ප්‍රධාන භූමියේ නව තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් 23ක් සෙනසුරාදා වාර්තා කළ බව චීන මාධ්‍ය පවසයි.

ඒ අතර දේශීය වශයෙන් සිදුව ඇති සම්ප්‍රේෂණයන් 15ක් සහ විදේශයන්ගෙන් පැමිණි 8 දෙනෙකු වෛරසයට ගොදුරුව ඇති බව එරට සෞඛ්‍ය කොමිසම පවසයි.

මෙසේ දේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ පිරිසකි.

සෙනසුරාදා රෝගයට සම්බන්ධ කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.

හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපවල සහ තායිවානයේ සම්පූර්ණ තහවුරු වූ සිද්ධීන් සැලකීමේදී හොංකොං හි ආසාදිතයන් 4,007 සහ මරණ 47ක්, මැකාවෝ හි ආසාදිතයන් 46, තායිවානයේ ආසාදිතයන් 477ක් සහ මරණ 7 ලෙස වාර්තා වෙයි.



Recommended Articles