චීනයෙන් කොවිඩ්-19 මූලාරම්භය සිදුවූයේ යැයි කියන කතාව යළිත් ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කැනඩාවේ වෛරස් විද්‍යාඥයෙකු වන ඇන්ජෙලා රස්මුසන් කියා සිටියේ, කැනේඩියානු මාධ්‍යවේදී එලේන් දේවාර්ගේ වසංගතය පිළිබඳ න්‍යායන් තරමක් කලබලකාරී එකක් බවයි.
සස්කැච්වන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන රස්මුසන්, කොවිඩ්-19 ආරම්භ වූයේ යුනාන් ප්‍රාන්තයේ පතලකින් හෝ වූහාන්හි විද්‍යාගාරයක් හරහා බවට න්‍යාය යළිත් ප්‍රතික්ෂේප කළ අතර, දේවාර්ගේ න්‍යායට වඩා විද්‍යාත්මකව මෙය සනාථ කිරීම වැදගත් බව අවධාරණය කර තිබේ.
වසර ගණනාවකට පෙර යුනාන් හි පතලක තිබී සොයාගත් RaTG13 වෛරසය SARS-CoV-2 ට වඩා බොහෝ සෙයින් වෙනස් වන නමුත්, SARS-CoV-2 හි ජිනෝමයට 96%ක් සමාන බවත් 4%ක වෙනස විසිරී යන බවත් රස්මුසන් පැහැදිලි කරයි.
වෙනසෙහි තේරුම නම් RaTG13 වෛරසය SARS-CoV-2 බවට පරිවර්තනය කිරීම සඳහා විවිධ විකෘති 1,000ක්වත් ගත විය හැකි බවය. එය තාක්ෂණිකව අභියෝගාත්මක වන අතර, එම විවිධ විකෘති සියල්ල ඇතුළත් කිරීමට කිසිවෙකුට සිතීමට හේතුවක් නැති බවද රස්මුසන් වැඩිදුරටත් පැහැදිලි කරයි.