කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ප්රදානය කරන ලද VeroCell එන්නත් මිලියන 1.6ක තවත් තොගයක් නේපාලයට ලැබුණු බව නේපාල සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශයේ භාණ්ඩ කළමනාකරණ අංශයේ ප්‍රධානියා පවසා සිටියේය.
එසේම මේ වනවිටත් එන්නත් ප්රදානය කිරීම්, වාණිජමය මිලදී ගැනීම් සහ COVAX යාන්ත්‍රණය ඔස්සේ ලබාදෙමින් හරහා චීනයේ සීනොෆාම් සමාගම විසින් නිපදවන ලද Ver Cell එන්නතෙහි මාත්‍රා මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් එහි දකුණු අසල්වැසියාට ලබා දීමෙන් චීනය නේපාලයේ විශාලතම එන්නත් ප්රභවය බවට පත්ව ඇත.
එසේම මෙම එන්නත් නේපාල ජනතාව විසින් පුළුල් ලෙස පිළිගෙන ඇති බව නේපාලයේ චීන තානාපතිනියද සඳහන් කළාය.
සමීප හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින් එක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනයේ සූදානමද තානාපතිනිය වැඩිදුරටත් පැවසීය.