චීනයෙන් ඇෆ්ගනිස්තානයට සීනොෆාම් පරිත්‍යාගයක්


චීන රජය විසින් පරිත්‍යාග කරනලද කොවිඩ්-19 එන්නත් කාණ්ඩයක් බදාදා ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් වෙත ළඟාවිය.

ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති වැන්ග් යූ සහ ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් බාරි ඕමාර් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී භාරදීමේ උත්සවයක් පැවැත්විණි.

ඇෆ්ගනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස් වී ඇති හෙයින්, චීනය ඇෆ්ගනිස්ථානයට එන්නත් සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් මාත්‍රා මිලියන 3ක් පරිත්‍යාග කරන බව නිවේදනය කර ඇති බව උත්සවය අමතමින් වැන්ග් පැවසීය.

වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට ඇෆ්ගනිස්ථානයට උපකාර කිරීම සඳහා, චීනය දැන් ආහාර, ශීත සැපයුම්, එන්නත් සහ ඖෂධ ඇතුළුව ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක (ඇ.ඩො.මිලියන 31ක) හදිසි ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කරමින් සිටින බවද ඔහු පැවසීය.

චීනය ඇෆ්ගනිස්තානයෙන් පයින් ඵලදාව විශාල ප්‍රමාණයක් ආනයනය කරන බව වැන්ග් සඳහන් කර ඇති අතර, එමඟින් ඇෆ්ගනිස්ථාන පයින් ගෙඩි ගොවීන්ට එක්සත් ජනපද ඩොලර් මිලියන සිය ගණනක ආදායමක් ලැබෙනු ඇත. එමෙන්ම, චීනය ඇෆ්ගනිස්ථානයේ අපනයන තවදුරටත් පුළුල් කිරීමට සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට උපකාරී වන ව්‍යාපෘති සඳහා සහාය වනු ඇති බවද කියයි.

මෙම සීනොෆාම් එන්නත් තොගය ඇෆ්ගනිස්ථානය වෙත චීනය ලබාදුන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි චීන පරිත්‍යාගය වේ. ජුනි මාසයේදීද චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයක් ඇෆ්ගනිස්ථානයට භාරදීම සිදුවිය.



Recommended Articles