චීනයෙන් ඇමෙරිකාව වෙත ආනයනය කරනු ලබන ඇ.ඩො.බිලියන 500ක් වන සියලු භාණ්ඩ වෙත බදු පැනවීමට තමන් සූදානම් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
"මම 500 සීමාවට යන්න සූදානම්" යැයි සීඑන්බීසී නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කර ඇත.
මෑත ඉතිහාසයේ ඇමෙරිකාව විසින් පනවනු ලැබූ ප්‍රබල බදු පැනවීම් සක්‍රීය වෙමින් පවතින අවස්ථාවේදීය.
පසුගිය සතියේදී චීනයෙන් ආනයනය කරන ඇ.ඩො.බිලියන 200ක භාණ්ඩ සඳහා ලබන සැප්තැම්බරයේ සිට බදු පැනවීමට ඇමෙරිකාව තීරණය කර ඇත.
එමෙන්ම, ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් කිරීමද ඇමෙරිකානු ව්‍යාපාරවලට බාධාවක් බව ට්‍රම්ප් කියා තිබුණි.
එහිදී, ඩොලරයේ අගය ඉහළ දැමීම චීන සහ යුරෝපා සංගමයේ ක්‍රියාවන්හි ප්‍රතිඵල බවද ට්‍රම්ප් චෝදනා නැගීය.
එමෙන්ම, පොලී අනුපාත ඉහළ දැමීමට ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කිරීමද ට්‍රම්ප්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.