චීනයේ අවසරයකින් තොරව පසුගිය වසර ආරම්භයේ සිට ඇමෙරිකානු ඉහළ උන්නතාංශ බැලූන 10කට වඩා චීන ගුවන් කලාපය ඉහළින් පියාසර කරවා ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින්ග් පවසයි.
ඇමෙරිකාවේ මෙවැනි බැලූන වෙනත් රටවල ගුවන් කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම දුර්ලභ කාරණයක් නොවන බවද බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සඳහන් කළේය.
එම නිසා ඇමෙරිකාව චීනයට චෝදනා නොකරමින්, ඔවුන්ගේ ක්‍රමය වෙනස් කර, ඔවුන්ගේම ඇතුළාන්තයම සොයා බැලිය යුතු බවද චීන ප්‍රකාශකයා සඳහන් කරන්නේ, චීනය ඔත්තු බැලීමේ බැලූන පියාසර කළ බවට නඟන චෝදනාවට පිළිතුරු දෙමිනි.