චීනය හා ඇමෙරිකාව අතර සන්නිවේදනය වැදගත් - ෂී


චීනය සහ එක්සත් ජනපදය විවිධ අභියෝගවලට මුහුණ දෙන බවත්, මේ නිසා දෙරට අතර සන්නිවේදනය සහ සහයෝගීතාව වැඩි කළ යුතු බවත් චීන ජනාදිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

ෂී මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමග පැවති අථත්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම චීනය සහ එක්සත් ජනපදය එකිනෙකාට ගරු කළ යුතු අතර, සාමයෙන් සහජීවනය වෙත ළඟවිය යුතු බවත්, ජයග්‍රාහී සහයෝගීතාව අනුගමනය කළ යුතුවා සේම, ජාත්‍යන්තර වගකීම්වලට උර දෙමින් දේශීය කටයුතු හොඳින් කළමනාකරණය කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

චීනය සහ එක්සත් ජනපදය යන දෙකම සංවර්ධනයේ තීරණාත්මක අවධියක සිටින අතර, මානව වර්ගයාගේ "ගෝලීය ගම්මානය" බහුවිධ අභියෝගවලට මුහුණ දෙමින් ඇති බවත් ෂී පෙන්වා දුන්නේය.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයින් ලෙස, චීනය සහ එක්සත් ජනපදය සන්නිවේදනය සහ සහයෝගීතාවය වැඩි කිරීමට අවශ්‍ය වන අතර, සෑම කෙනෙකුම තම දේශීය කටයුතු හොඳින් පවත්වාගෙන යන අතරම, ජාත්‍යන්තර වගකීම්වල තම කොටසටද උර දෙමින් සහ එකට වැඩ කරමින්, ලෝක සාමයේ සහ සංවර්ධනයේ උදාර අරමුණ ඉදිරියට ගෙන යන්නැයි ෂී ඇමෙරිකානු නායකයාට කියා සිටියේය.



Recommended Articles