චීනය සිය පළමු සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාව තායිවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කළ බව දැනුම් දෙයි.
මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ ඇති චීනයේ ප්‍රථම සූර්ය දුරේක්ෂයෙන් සමන්විත වන අතර, මෙය සූර්ය වර්ණාවලියේ ගැඹුරු රතු එච්-ඇල්ෆා රේඛාව නිරීක්ෂණය කරන බවත්, එමගින් විද්‍යාඥයින්ට සූර්ය ගිනිදැල් අධ්‍යයනය කිරීමට හැකිවන බවත් කියයි.
එය හැඳින්වෙන්නේ චීන එච්-ඇල්ෆා සූර්ය ගවේෂක නොහොත් චේස් යනුවෙනි. එයට පැරණි චීන පුරාවෘත්තවල හිරු දෙවඟනගේ නම වන ෂීහේ නම් චීන නමක්ද යොදා ඇත.
මෙම චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 550ක් වන අතර, එහි සැලසුම් කාලය වසර තුනකි. පෘථිවිය වටා එහි කක්ෂය සූර්යයාට සාපේක්ෂව ස්ථාවර ස්ථානයක තබා ගන්නා අතර එමඟින් එය නිරීක්ෂණය කිරීම, දත්ත රැස් කිරීම සහ සූර්ය ප්‍රතිබිම්භ නිර්මාණය කිරීම සිදු කරයි.