බලශක්තිය, කර්මාන්ත, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය සහ ප්‍රවාහන යටිතල පහසුකම් වැනි ක්ෂේත්රවල සර්ව සම්පූර්ණ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සහ පාකිස්තානය අවධාරණය කර තිබේ.
දකුණු චීනයේ ග්වන්ඩොන්ග් පළාතේ ග්වාන්ග්ෂු නගරයේ දී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සහ පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ-සර්දාරි අතර පැවති හමුවකදී මෙම එකඟතාව ඇති කරගෙන ඇත.
පසුගිය මාසයේ බලයට පත්වීමෙන් පසු බිලාවාල්ගේ පළමු වැනි ද්විපාර්ශ්වික විදේශ සංචාරය මෙය වන අතර, නව පාකිස්තාන රජය පිහිටුවීමෙන් පසු දෙරට අතර සිදු වූ ප්‍රථම නොබැඳි ඉහළ මට්ටමේ අන්තර් ක්‍රියාකාරී හමුවද මෙය බව සඳහන් කළ වැන්ග්, මෙම සංචාරය දෙරට අතර සම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් තහවුරු කර ඇති බව පැවසීය.
දෙරටේ සහයෝගීතාවය කැලඹිලි සහිත සහ වෙනස් වන ලෝකයක වැදගත් ස්ථාවර සාධකයක් බවට පත්ව ඇති බවත්, හවුල් අනාගතයක් සමග සමීප චීන-පකිස්තාන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ප්රයත්නයන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
බිලාවල් පැවසුවේ, චීනය සන්නාහයකින් සැරසුණු මිතුරෙකු ලෙස පාකිස්තානය සලකන බවත්, එහි ජයග්‍රහණ දැකීමට සතුටු වන අතරම, එය ඉදිරියට යාම වැළැක්විය නොහැකි බව සෑම බලවේගයකටම ඒත්තු ගොස් ඇති බවද සඳහන් කළේය.
පකිස්තාන-චීන මිත්‍රත්වය පාකිස්තානයේ විදේශ සබඳතාවල මූලික ස්තම්භය වන අතර පාකිස්තානයේ නොවැළැක්විය හැකි තේරීමද එය බව ඔහු පැවසීය. එසේම, පකිස්තාන පාර්ශ්වය එක් චීනයක් ප්‍රතිපත්තියට කැපවී සිටින අතර චීනයේ සියලු මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහාය දක්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම, පකිස්තානයේදී චීන පුරවැසියන්ට එරෙහි ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයක් පිළිගත නොහැකි බවත්, චීන-පකිස්තාන මිත්‍රත්වය පළුදු කිරීමේ කිසිදු නින්දිත උත්සාහයක් සාර්ථක නොවන බවත් දෙපාර්ශ්වය සඳහන් කළේය.