චීනය සමහර කුඩා සමාගම් සඳහා ආදායම් බදු අඩු කරයි


කුඩා ව්‍යාපාර සඳහා සහාය දැක්වීමේ කොටසක් ලෙස ඇතැම් කුඩා ව්‍යවසායන් සඳහා ආදායම් බද්ද 25% සිට 20% දක්වා අඩු කිරීමට චීනය සිකුරාදා නිවේදනය කළේය.

මෙම ආදායම් බදු කප්පාදුව සැලසුම් කර ඇත්තේ වාර්ෂික බදු අය කළ හැකි ආදායම යුවාන් මිලියන 3ක් (ඩොලර් 471,475) නොඉක්මවන, සේවකයින් 300කට වඩා වැඩි නොවන සහ යුවාන් මිලියන 50කට අඩු වත්කම් සහිත කුඩා සමාගම් සඳහා බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිවේදනයේ දැක්වේ.

ප්‍රකාශයට අනුව අඩු කරන ලද නව ආදායම් බද්ද 2022 ආරම්භයේ සිට 2024 අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කර ඇත.



Recommended Articles