චීන ජනාධිපති ෂී ජින්පිං සමග පැවති සහනදායී සාකච්ඡාවකින් පසුව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනය සමග "නව සීතල යුද්ධයක්" ඇති නොවන බවට පොරොන්දු වී තිබේ.
එහිදී, චීනය තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.
බයිඩන් ඇමෙරිකාවේ බලයට පත්වීමෙන් පසු සුපිරි බලවතුන් දෙදෙනා අතර සිදු වූ පළමු වැනි පුද්ගලික හමුව එය විය.
ඉන්දුනීසියාවේදී G20 සමුළුවට දිනකට පෙර බාලි හි නායක දෙපළ අතර පැවති සාකච්ඡාවේදී උතුරු කොරියාව සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳවද කතාබහට ලක්විය.
යුක්රේනයේ න්‍යෂ්ටික අවි භාවිතයට තමන් විරුද්ධ බව දෙදෙනාම කියා සිටි අතර, මෙම සංකීර්ණ ගැටලුවට සරල විසඳුමක් නොමැති බවද ෂී පැවසීය.