චීනය විසින් Yaogan-33 2 චන්ද්‍රිකාව කක්ෂගත කරයි


චීනය Yaogan-33 02 චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච් 4C වාහක රොකට්ටුවක් මතින් සෙනසුරාදා වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් බීජිං වේලාවෙන් පෙ.ව. 7:44 ට දියත් කර තිබේ.

ඒ අනුව, මෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියයි.

එය විද්‍යා අත්හදා බැලීම්, ජාතික ඉඩම් සම්පත් සංගණනය, කෘෂිකාර්මික නිෂ්පාදනවල අස්වැන්න ඇස්තමේන්තු කිරීම සහ ආපදා වැළැක්වීම සඳහා යොදා ගැනේ.

මෙම දියත් කිරීම ලෝන්ග් මාර්ච් මාලාවේ වාහක රොකට්ටුවේ 435 වැනි ගුවන් ගමන සනිටුහන් කරනු ලැබීය.



Recommended Articles