චීනය සිය ආර්ථිකය සීඝ්රයෙන් නැවත විවෘත කිරීමත් සමග ගෝලීය තෙල් ඉල්ලුම මේ වසරේ එහි ඉහළම මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තෙල් ඉල්ලුම දිනකට බැරල් මිලියන 1.9කින් ඉහළ ගොස් දිනකට බැරල් මිලියන 101.7ක වාර්තාගත මට්ටමක් කරා ළඟා විය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය එහි නවතම මාසික වාර්තාවේ ප්‍රකාශ කළේය.
චීනය නැවත විවෘත කිරීමේ හැඩය සහ වේගය අවිනිශ්චිතව පැවතියද, මෙම ගෝලීය ඉල්ලුම් වර්ධනය අඩකට ආසන්න ප්‍රමාණයක් හෝ සිදුවනු ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.