චීනය පුරා කොවිඩ් එන්නත් ලබාදීම බිලියන 2.3 ඉක්මවයි


චීන ප්‍රධාන භූමියේ මේ වනවිට පරිපාලනය කර ඇති කොවිඩ්-19 එන්නත් ප්‍රමාණය බිලියන 2.3ක් ඉක්මවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම තහවුරු කර තිබුණේ, මේ වනවිට එරට එන්නත්කරණය සුවිශේෂී ඉලක්කයක් වෙත ළඟාවෙමින් පවතින බවයි.

එසේම මේ වනවිට චීනයේ නිෂ්පාදිත එන්නත් යොදා ගනිමින් එරට කුඩා දරුවන් එන්නත් කිරීමද ආරම්භ කර ඇති බව සඳහන් වේ.

චීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles