චීනය පරිත්‍යාග කළ දෙවැනි එන්නත් තොගය උගන්ඩාවට


චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත දෙවැනි කාණ්ඩය උගන්ඩාවට ලැබී තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය මාග්‍රට් මුහංගා මෙම එන්නත් ලබා ගත්තේ කම්පාලා අගනුවරට කි.මී 40 ක් දකුණින් පිහිටි එන්ටෙබේහි පිහිටි ජාතික වෛද්‍ය ගබඩාවලදීය.

ජීවිත ආරක්ෂා කිරීම සහ ආර්ථිකය විවෘත කිරීම සඳහා තම රට සිය එන්නත් කිරීමේ ව්‍යාපාරය පුළුල් කරමින් සිටින මොහොතක ඇය මෙම පරිත්‍යාගය අගය කළාය.

"ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහනයකට එන්නත් ලබාදීම අවස්ථාව හිමිවන අතර, එමගින් අපේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම විවෘත කළ හැකි වෙනවා" ඇමතිනිය පැවසීය.

මෙම පරිත්‍යාගය සිදු වූයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 59ක් පිරීම නිමිත්තෙන් යැයි උගන්ඩාවේ චීන තානාපති ෂැං ලිෂොං පැවසීය. එය ගෝලීය වශයෙන් සැමට සෞඛ්‍යසම්පන්න සමාජයක් ගොඩනැගීමේ චීනයේ කැපවීමේ කොටසක් බවද හෙතෙව සඳහන් කළේය.

ගෝලීය කොවිඩ්-19 එන්නත් වැඩසටහන වන කොවැක්ස් සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් පරිත්‍යාග කිරීමට අමතරව, මේ වසරේදී අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිරේක එන්නත් මාත්‍රාවන් මිලියන 100ක් ලබා දීමට චීනය පොරොන්දු වී තිබේ.



Recommended Articles