චීනය නිපදවූ නවතම සාගර කාලගුණ නිරීක්ෂණ යානය


චීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කර ඇති බව එහි නිෂ්පාදකයන් පවසයි.

සෙනසුරාදා උදෑසන, Wing Loong-10 යානය සාගරයේ වලාකුළු පද්ධති, උෂ්ණත්වය සහ ආර්ද්‍රතා පැතිකඩ ව්‍යාප්තිය, මතුපිට සුළං ක්ෂේත්‍ර සහ අනෙකුත් කාලගුණික සාධක පිළිබඳ නිරීක්ෂණ සිදුකළ බව චීනයේ ප්‍රමුඛතම ගුවන් යානා නිෂ්පාදකයා වන ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් (AVIC) ආයතනය පවසයි.

මෙහෙයුමේ සම්පූර්ණ ක්‍රියාවලිය අතරතුර, Wing Loong-10 යානයෙහි සියලුම පද්ධති හොඳ තත්ත්වයේ තිබූ බවත්, සියලුම නිරීක්ෂණයන් හොඳින් ක්‍රියාත්මක වන බව AVIC පවසයි.

Wing Loong-10 යනු ඉහළ උන්නතාංශ සහ අධිවේගී UAV පද්ධතිවල ආකෘතියකි. එය අධිවේගී, ඉහළ පියාසර උන්නතාංශය, විශ්වාසනීය පද්ධති, ආරක්ෂිත කාර්ය සාධනය සහ පහසු සහ කාර්යක්ෂම යෙදවීමකින් සමන්විත වූවකි. එමෙන්ම මෙය UAV පාරිභෝගිකයින්ගෙන් විවිධ ඉල්ලීම් සපුරාලීමට හැකියාව ලබාදෙන්නක් බවද කියයි.

UAV අභ්‍යවකාශය මත පදනම් වූ, සමුද්‍ර පදනම් වූ සහ වෙරළ පාදක වූ නිරීක්ෂණ උපකරණ ආධාරයෙන් සහයෝගී නිරීක්ෂණ සිදුකර තිබේ.

මෙහි අදාළ කාලගුණ විද්‍යාත්මක හඳුනාගැනීම් පද්ධති මගින්, Wing Loong-10 යානයට විස්තීරණ, බහු-සාධක, බහු-මාන සහ අධි-විභේදන සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ සිදුකිරීමට හැකිවී ඇත.

මෙම මෙහෙයුම චීනයට UAV ගුවන් නිරීක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට නව ඉදිරි පියවරකි. මේ අතර, එය සමුද්‍ර භාවිතය සහ ආපදා වැළැක්වීම සහ අවම කිරීම සඳහාද විශාල අඩිතාලම දමයි. එය ගෝලීය කාලගුණ විද්‍යා සේවා සඳහා නව සහ නිවැරදි තාක්ෂණික උපක්‍රමද සපයන බව නිෂ්පාදකයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles