චීනය සෙනසුරාදා අලුයම නිරිතදිග සිචුවාන් පළාතේ ෂිචැං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව සන්නිවේදන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කළේය.
අලුයම 12:40ට ලෝන්ග් මාර්ච්-3B වාහක රොකට්ටුවක් මතින් ඉහළට නැඟුණු සොන්ග්ෂින්ග්-1D චන්ද්‍රිකාව පෙර සැලසුම් කර තිබූ කක්ෂයට සාර්ථකව ඇතුළු විය.
චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.
සෙනසුරාදා දියත් කිරීම ලෝන්ග් මාර්ච් රොකට් මාලාවේ 399 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කරයි.