චීනයේ, රටේ තුන්වැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන "ෆුජියන්" දියත් කිරීම ෂැංහයි හිදී සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
දේශීයව නිර්මාණය කර ගොඩනගා ඇති නව නෞකාව, මිසයිල ප්‍රහාරක ශක්තියද සහිත රටේ පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙයි.
එය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.
එහි සම්පූර්ණ බර ටොන් 80,000ක් වන අතර, එය දැන් නැංගුරම් සහ යාත්‍රා පරීක්ෂණවලට භාජනය වන බව වාර්තා වේ.