චීනය තුළ මෝටර් රථ මිලියන 300ක් ඉක්මවයි


ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සංගමයේ (CAAM) නිලධාරියෙක් පවසයි.

සැප්තැම්බර් අවසානය වනවිට චීනය සතුව දැනටමත් ලියාපදිංචි මෝටර් රථ මිලියන 297ක් ඇති බව CAAM හි නියෝජ්‍ය මහලේකම් ෂි ජියන්හුවා, නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ අගනුවර වන හෙෆෙයි හි පැවති ලෝක නිෂ්පාදන සම්මේලනයේ සංසදයක් අතරතුර පැවසීය.

එසේම 2025 දක්වා වසර පහක් සඳහා 4%ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරන චීනයේ මෝටර් රථ වෙළඳපොළ අනාගතයේදී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන බව ෂි පැවසීය.

නව බලශක්ති වාහන කර්මාන්ත සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකළ මෙම සංසදයේදී විශේෂඥයන් සඳහන් කළේ චීනයේ මෝටර් රථ වෙළඳපොළ ලෝකයේ විශාලතම වෙළෙඳපොළ බවයි. ඒ අනුව එරට මෝටර් රථ නිෂ්පාදනය, විකුණුම් අඛණ්ඩව වසර ගණනාවක් පුරා ගෝලීය වශයෙන් පළමු ස්ථානයට පත්ව ඇති බවද සඳහන් විය.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා නව බලශක්ති වාහනවල සමුච්චිත නිෂ්පාදනය සහ විකුණුම් පරිමාව චීනයේ වසරින් වසර 1.8 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි. නව බලශක්ති වාහන ප්‍රමාණය දළ මෝටර් රථ අලෙවියෙන් 11%ක් විය.



Recommended Articles