කලාපයේ උග්‍ර ආතතීන් මධ්‍යයේ තායිවානය අවට චීන හමුදා යාත්‍රා සහ ගුවන් යානා විශාල ප්‍රමාණයක් යොදවා ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශයට අනුව, තායිවානය ආසන්නයේ චීන නාවික නෞකා 08ක් සහ ගුවන් යානා 23ක් සොයා ගන්නා ලදී. ප්‍රායෝගිකව චීනය සහ දිවයින අතර නිල නොවන බාධකයක් ලෙස ක්‍රියා කරන "තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාවේ නැඟෙනහිර කොටසේ ගුවන් යානා 10ක් පියාසර කර ඇති බව එහි සඳහන් විය.
දේශීය සටන් ගුවන් මුර සංචාරයට අදාළ උපදෙස් ලබා දී ඇති බවත්, බීජිං හි ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරන බවත් තායිවාන හමුදාව වැඩිදුරටත් පැවසීය.