ජර්මානු සහ ලිතුවේනියානු දේශපාලඥයන් පිරිසක් තායිවානයේ සංචාරයක නිරතවීමට ආසන්නව තිබියදී චීනය තායිවානය ආසන්නයේ හමුදා අභ්‍යාසයක් ප්‍රකාශයට පත් කර තිබේ.
බෙදුම්වාදී බලවේගවලට එරෙහි ප්‍රතිරෝධයක් ලෙස චීනය මෙම හමුදා අභ්‍යාසය හඳුන්වා ඇත.
මෙම පුහුණු අභ්‍යාසය ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද්දේ මහජන විමුක්ති හමුදාවේ (PLA) නැගෙනහිර විධානයේ ප්‍රකාශක කර්නල් ෂි යී විසිනි.
ගොඩබිම් ප්‍රහාර සහ ජලජ හා ගොඩබිම් ප්‍රහාරක රථ යොදා ගනිමින් තායිවානය වටා මුහුදු සහ ගුවන් අභ්‍යවකාශ මෙහෙයුම්ද මෙම අභ්‍යාසයට ඇතුළත් බව කියයි.
මෙම අභ්‍යාසය හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් හැකියාවන් පරීක්ෂා කිරීමට සහ බාහිර බලවේගවල සහ තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් බෙදුම්වාදීන්ගේ ප්රකෝපකාරී ක්‍රියාවලට අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්වීම සඳහා සිදුකරන්නක් බවද චීනය සඳහන් කර තිබේ.