චීනයේ මහජන විමුක්ති හමුදාව තායිවානයේ වෙසෙන ජනතාව සමග විරුද්ධ නොවන අතර, ඔවුන් සහෝදරයන් ලෙස සලකා කටයුතු කළද, කිසියම් හෝ විදේශීය මැදිහත්වීමක් මෙන්ම, දිවයින ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට දරන උත්සාහයන්ට එරෙහිවීමටද සූදානම් බව චීනය අවධාරණය කරයි.
"තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ජපානය වැඩි වැඩියෙන් රැල්ලක් ඇති කරන තරමට, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අපට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා" හමුදා ප්‍රකාශක වූ ක්වෙන් මාධ්‍යයට පැවසීය.
දිවයින සමග සාමකාමීව යළි එක්වීමේ ඉලක්කයට හමුදාව සහාය දුන් නමුත් බෙදුම්වාදී බලවේගය මාතෘභූමිය දෙකඩ කිරීමට දරණ උත්සාහයන් කිසිවිටකත් නොඉවසන බව ඔහු පැවසීය. තායිවානය වටා පවතින ආතතීන් උත්සන්න වීම සම්බන්ධයෙන් නිලධාරියා තායිවානයේ නායකත්වයටද දොස් පැවරීය.