චීනය තනිවම අභ්‍යවකාශය දිනීම නිසා NASAට රිදෙයි


චීනය තනිවම අභ්‍යවකාශ ක්‍රියාකාරකම්වල යෙදෙන නිසා බීජිං හි රහස්‍යභාවය අනවශ්‍ය අවදානම් නිර්මාණය කර ඇති බව පවසමින් ඇමෙරිකානු නාසා ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් චීන අභ්‍යවකාශ වැඩසටහනට එක්සත් ජනපදය සමග සිය මෙහෙයුම් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චෝදනා කර තිබේ.

"චීන අභ්‍යවකාශ වැඩසටහනෙන් කිසිදු ආකාරයක විනිවිදභාවයක් ලබා ගැනීමට අපට නොහැකි වී තිබෙනවා" නෙල්සන් අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවසීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නව ගගනගාමී කාර්ය මණ්ඩලයක් රැගත් SpaceX රොකට්ටුවක් බදාදා සාර්ථක ලෙස දියත් කිරීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඔහු සිය අදහස් පළ කළේය.

නෙල්සන් චීනය සමග නැගීඑන අභ්‍යවකාශ තරගයක් ගැන අනතුරු අඟවා ඇති අතර, චීන අභ්‍යවකාශ වැඩසටහන නාසා සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස නිතර ඉල්ලා සිටියේය. බීජිං වෙතින් එවැනි සහයෝගීතාවයක් නොලැබීම ගැන අඟහරුවාදා විලාප තබමින් නෙල්සන් සඳහන් කළේ, ඔවුන් සිදුකරන අභ්‍යවකාශ සංචාරයන්හිදී ​​ එක්සත් ජනපදය හෝ වෙනත් රටවල් සමග ලුහුබැඳීමේ දත්ත බෙදාගැනීම චීන අභ්‍යවකාශ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව පවසමිනි.



Recommended Articles