ගෝලීය නායකයෙකු ලෙස චීනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන තුළින් චීනය විශාල මූල්‍ය ආධාර සපයමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චැංයොං රී පවසයි.
"චීනයේ එන්නත් නිෂ්පාදනය සහ එන්නත් පරිත්‍යාග සහ අඩු ආදායම්ලාභී රටවල් සඳහා මූල්‍යකරණ ආධාර ලබා දීම ගැන අප සතුටු වෙනවා" චීනය වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන බව නිල දත්ත පෙන්නුම් කරයි.