චීනය තවත් නව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම සඳහා ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් දියත් කර තිබේ.
මෙම රොකට්ටුව වයඹ දිග චීනයේ ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී අද (26දා) එරට වේලාවෙන් පෙරවරු 7.44 ට අභ්‍යවකාශගත වී ඇති අතර, ඒ සමග ගමන් කරන L-SAR 01A චන්ද්‍රිකාව පෙර සැකසූ කක්ෂයට පිවිසෙනු ඇති බව කියයි.
මෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.
මෙම මෙහෙයුම ලෝන්ග් මාර්ච් ප්‍රවාහන රොකට්වල 407 වැනි ගුවන් ගමන සනිටුහන් කළ බව දියත් කිරීමේ මධ්‍යස්ථානය පවසයි.