කොවිඩ්-19 ට එරෙහි සටනට තල්ලුවක් ලෙස, එන්නත් කිරීම ප්‍රවර්ධනය කරමින් චීනය ඖෂධ සංවර්ධනය වේගවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ සිංහුවා විශ්වවිද්‍යාලය, ෂෙන්සෙන් හි තුන්වැනි මහජන රෝහල සහ බ්‍රී බයෝසයන්ස් ආයතනය විසින් ඒකාබද්ධව සංවර්ධනය කරන ලද මොනොක්ලෝනල් ප්‍රතිදේහ BRII-196 සහ BRII-198 හි සංයෝජන ප්‍රතිකාරය ඉහළ අවදානමක් ඇති රෝහල්ගත නොවන කොවිඩ්-19 රෝගීන් සඳහා හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කර ඇති බව සායනික පරීක්ෂණ පෙන්වා දී තිබේ.
"අපගේ ශරීරය ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් නිපදවනවා. නමුත් ඒවා සියල්ලම ප්‍රතිවෛරස් ගුණ නැහැ. අපගේ පර්යේෂණයේ අරමුණ වන්නේ ප්‍රතිකාර සඳහා ඖෂධ නිපදවීම සඳහා ශක්තිමත්ම සහ හොඳම ප්‍රතිවෛරස් ප්‍රතිදේහ තෝරා ගැනීමයි" සිංහුවා විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය විද්‍යායතනයෙහි මහාචාර්ය සෙහැන්ග් ලින්කි පැවසීය.
හෙතෙම පැවසුවේ පර්යේෂක කණ්ඩායම විසින් සුවපත් වූ කොවිඩ්-19 රෝගීන්ගේ රුධිරයෙන් හුදකලා වූ සිය ගණනකින් ඉතා ක්‍රියාකාරී සහ අනුපූරක ප්‍රතිදේහ දෙක පරීක්ෂා කළ බවයි.
"BRII-196/BRII-198 ඖෂධ චීනයේ රෝගීන් 700කට වැඩි පිරිසකගේ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කර ඇති අතර, නිවසේදී සහ විදේශයන්හි සායනික අත්හදා බැලීම් දත්ත පෙන්වා දෙන්නේ එම ඖෂධ මගින් දරුණු රෝග ලක්ෂණ සහ මරණ අනුපාතය 78%කින් අඩු කළ හැකි බවයි" මහාචාර්යවරයා පැවසීය.
බ්‍රී බයෝසයන්ස් විසින් ප්‍රතිකාර සඳහා හදිසි භාවිත අවසරයක් (EUA) ගොනු කිරීමේ පදනමක් මත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වෙත ඉදිරිපත් කර ඇති අතර, චීනයේ ඖෂධ ඇගයීම් මධ්‍යස්ථානය වෙත විදේශයන්හි III වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල අතුරු වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බව කියයි.