චීනයේ ඔක්තෝබර් මැද භාගයේ ආරම්භ වූ කොවිඩ්-19 ආසාදන රැල්ල එහි අවසන් අදියරට පැමිණ, මේ වනවිට අවදානම අවසන් වීමට ආසන්න බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
නවතම රැල්ලෙන් බලපෑමට ලක් වූ පළාත් මට්ටමේ කලාප 8ක් අවම වශයෙන් දින 14ක් අඛණ්ඩව දේශීයව සම්ප්‍රේෂණය වන කොවිඩ්-19 ආසාදිතයන් කිසිවක් ලියාපදිංචි කර නොමැති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රකාශක මී ෆෙන්ග් පැවසීය.
යම් අවදානමක් පැවති ප්‍රදේශ කිහිපයක කඩිනම් හා කාර්යක්ෂම කටයුතු කිරීම නිසාත්, පළාත් මට්ටමේ කලාප කිහිපයකද අවස්ථා පාලනය කිරීමට හැකිවීම නිසාත් මේ වනවිට අවදානම පහව යමින් ඇති බව හෙතෙම කීවේය.
එහිදි ඊසානදිග චීනයේ ලියාඕනින් පළාතේ ඩාලියාන් නගරයේ හැර අනෙකුත් පළාත්වල කලාතුරකින් වාර්තා වූ අවස්ථා පමණක් මෑතකදී වාර්තා වු බව රෝග පාලන සහ වැළැක්වීමේ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී වූ ලියෑන්ග්යූ පැවසීය.
එසේම ඩාලියාන් හි වසංගත තත්ත්වයද ස්ථාවර වෙමින් පවතින අතර, සැලකිය යුතු ලෙස අඩු නව අවස්ථා සහ අවදානම් අඩු වෙමින් පවතින බව වූ පැවසීය. කෙසේ වෙතත්, සමහර ප්‍රදේශවල ප්‍රජා සම්ප්‍රේෂණයේ අවදානම තවමත් පවතින අතර, වසංගතය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ජනතාව අවදියෙන් සිටිය යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔක්තෝබර් 17 වැනි දින ආරම්භ වූ චීනයේ නව කොවිඩ්-19 රැල්ලේදී පුද්ගලයින් 1,523දෙනෙකු ආසාදනය කර ඇත. සිකුරාදා වන විට, ඔවුන්ගෙන් 614ක් හෝ මුළු සංඛ්‍යාවෙන් 40%කට වඩා වැඩි පිරිසක් සුව වී රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වේ.