ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් අවි ආයුධ යුක්රේනයට සපයන අතරතුර, රුසියාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් චීනයට චෝදනා කිරීමට ඇමෙරිකාවට අයිතියක් නොමැති බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.
"චීන-රුසියානු සබඳතා හෙළා දැකීමට ඇමෙරිකාවට අයිතියක් නැහැ. ඒ වගේම, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එන කිසිදු බලකිරීමක් හෝ පීඩනයක් අප කිසිසේත්ම භාරගන්නේත් නෑ" චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක වූ මාඕ නින්ග් පැවසීය.
වොෂිංටනයේ අනතුරු ඇඟවීම් නොතකා චීනය රුසියාව වෙත මාරාන්තික නොවන ආධාර ලබාදීමට සූදානම් වන බවට ඇමෙරිකානු ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව මෙසේ පවසා සිටියාය.
ධවල මන්දිරියේ ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවන් පසුගියදා පැවසුවේ රුසියාවට හමුදා අධාර ලබාදුන්නොත් එහි සැබෑ ප්‍රතිවිපාක චීනයට බුක්ති විඳීමට සිදුවනු ඇති බවයි.