චීන සීනොෆාම් නිෂ්පාදනයට මොරොක්කෝව අත ගසලා


චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත නිෂ්පාදනය කිරීමට මොරොක්කෝව සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ලොව බහුල වශයෙන් භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නතක් වන සීනොෆාම් එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් ලැයිස්තුවේ ඉහළින්ම සිටින චීන එන්නතයි.

මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක්කෝව සහ සීනොෆාම් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබූ බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.



Recommended Articles