චීන සීනොෆාම් එන්නත් මුල් කාණ්ඩය සිම්බාබ්වේ වෙතට


චීනය විසින් සපයන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු කාණ්ඩය ඊයේ (15දා) උදෑසන සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණ තිබේ.

මෙම එන්නත් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ උප ජනාධිපති කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා සහ සිම්බාබ්වේ චීන තානාපති ගුඕ ෂෝචුන් ඇතුළු සිම්බාබ්වේ සහ චීනයේ නිලධාරීන් රොබට් ගේබ්‍රියෙල් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාව 200,000ක් චීනයේ ජාතික ඖෂධ සමූහ සමාගම (සීනොෆාම්) විසින් නිෂ්පාදනය කර තිබේ.



Recommended Articles