චීන සීනොෆාම් එන්නත් තොගයක් සෙනගාලයට


චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු වැනි තොගය ඊයේ (17දා) සෙනගාලය වෙත ලබාදී තිබේ.

එරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

සෙනගාලයේ ජනාධිපති මැකී සෝල් සහ එරට චීන තානාපති ෂියාඕ හැන් විසින් මෙම එන්නත් තොගය පිළිගන්නා ලදී.



Recommended Articles