චීන ස්නායු විද්‍යාඥවරියට යුනෙස්කෝ සම්මානයක්


එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් 49 හැවිරිදි චීන ස්නායු විද්‍යාඥ හූ හයිලාන් වෙත මානසික අවපීඩනය සඳහා මීළඟ පරම්පරාවේ ඖෂධ නිපදවීමට දායක වූ ඇගේ කාර්ය භාරය වෙනුවෙන් 2022 UNESCO විද්‍යාව සඳහා වන කාන්තා සම්මානය පිරිනමා තිබේ.

බ්‍රහස්පතින්දා සවස පැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්‍යාඥවරියන් හතර දෙනෙකු සම්මානය ලබාගෙන ඇත.

ෂෙජියැන්ග් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ ස්නායු විද්‍යා මධ්‍යස්ථානයේ මහාචාර්ය සහ විධායක අධ්‍යක්ෂ හූ, මේ දක්වා සම්මානයෙන් පිදුම් ලැබූ ළාබාලතම ප්‍රතිලාභීන්ගෙන් කෙනෙකු සහ 1998 හි මෙම සම්මානය ස්ථාපිත කිරීමෙන් පසු එවැනි සම්මානයක් ලැබූ 7 වැනි චීන ජාතිකයාද වෙයි.

මෙම වසරේ අනෙකුත් ජයග්‍රාහකයින් සිව්දෙනා වන්නේ කියුබාවේ මාරියා ගුස්මන්, එක්සත් ජනපදයේ කැටලින් කරිකෝ, රුවන්ඩාවේ ඇග්නස් බිනාග්වාහෝ සහ ස්පාඤ්ඤයේ ඇන්ජෙලා නියේටෝ බව යුනෙස්කෝව පවසයි.



Recommended Articles