චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ 70 වැනි සංවත්සරයට විරෝධය දක්වමින් හොංකොං හි පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂනවලට පොලීසිය සජීව උණ්ඩ යොදා වෙඩි තැබීමක් සිදුකර ඇති බව කියයි.
මෙම උද්ඝෝෂණ නවත්වන ලෙස පැවති විරෝධතා නොතකා දහස් සංඛ්‍යාත පිරිස් හොංකොං වෙත එක්රැස් වී සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
මීට පෙර පැවති විරෝධතාවලදී රබර් උණ්ඩ යොදාගත්තද, මෙවර සජීව උණ්ඩ යොදාගැනීම නිසා පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
හොංකොං හි මාස හතරකට ආසන්න කාලයක් පැවති විරෝධතා චීන ජනාධිපති ෂී ජින්පිං සිය දේශනයේදී ප්‍රකාශ කළ ජාතික සමගිය පිළිබඳ දර්ශනයට අභියෝග කරන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති.
උද්ඝෝෂණයන්ට ඉදිරිපත් වූ විරෝධතාකරුවන් "ශෝක දිනයක්" ලෙස මෙම දිනය හඳුන්වනු ලැබිණි.