චීන ෂෙන්ෂෝ-13 ගගනගාමී පිරිස යානයෙන් පිටතට ඒවි


චීනයේ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රථම වරට බාහිර ක්‍රියාකාරකම් (EVAs) පවත්වනු ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරයි.

චීන ගගනගාමීන් තිදෙනෙකු ෂෙන්ෂෝ-13 යානයෙන් අභ්‍යවකාශයට ගිය අතර, ඔවුන් පසුගිය ඔක්තෝබර් 16 වැනි දින රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යානා එකතුවට ඇතුළත් විය.

ගගනගාමීන් තිදෙනා දැනට හොඳ තත්ත්වයේ සිටින අතර, යානා සංයෝජනයද ස්ථාවරව ක්‍රියාත්මක වේ. කාර්ය මණ්ඩලයේ පළමු EVA හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් කරන කාර්යයන් සඳහා සියලුම තත්ත්වයන් යහපත් බව කියයි.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.

අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු සඳහා චීන ගගනගාමීන් තිදනා රට තුළ මෙතෙක් සිදුකළ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ වී සිටිති.



Recommended Articles