චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වෙමින් සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී චීන-ඇමෙරිකානු සම්බන්ධතා මෙන්ම, කොවිඩ්-19 වසංගතය හමුවේ එන්නත් සමානාත්මතාව ඇති කිරීම ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.