චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී රෝමයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ බලවත්ම ආයුධය සහයෝගීතාවය බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
WHO සමග සාධාරණ එන්නත් බෙදා හැරීම, කොවිඩ්-19 ඖෂධ පර්යේෂණ සහ සංවර්ධනය සහ කොවිඩ්-19 ට එරෙහි සටනේදී අප්‍රිකානු රටවලට සහාය දැක්වීම සඳහා WHO සමග සහයෝගීතාව වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද මෙහිදී වැන්ග් අවධාරණය කළේය.