සඟවා තිබූ චීන ලුහුබැඳීමේ උපකරණයක් සහ තවත් උපකරණ කිහිපයක් මෑතකදී එක්සත් රාජධානියේ රජයේ වාහනවල සිදුකළ ආරක්ෂක පරීක්ෂාවකින් සොයාගත් බව බුද්ධි මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරයි.
බීජිං සහ මොස්කව්හි ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩෙන බිය මධ්‍යයේ මෙම පරීක්ෂාව සිදුකිරීමේදී මෙම උපකරණ හමුවී ඇත.
වාර්තාවට අනුව, ස්ථාන දත්ත සම්ප්‍රේෂණය කළ හැකි SIM කාඩ්පතක් ලෙස වූ "ට්‍රැකින් උපාංගයක්" මූලිකව හමුවී ඇත. මෙම උපාංගය චීනයේ සැපයුම්කරුවෙකුගෙන් ආනයනය කරන ලද වාහනයක මුද්‍රා තැබූ කොටසක පිහිටුවා ඇති අතර, එය මෝටර් රථයේ නිෂ්පාදකයා විසින් ස්ථාපනය කර ඇති බවට විශ්වාස කරන බව මාධ්‍ය පෙන්වා දෙයි.
උපාංගය “මාස සහ වසර ගණනාවක් පුරා රජය සමීක්ෂණය කිරීමේ හැකියාව ලබාදෙන්නකි. නිරන්තරයෙන් වාහනයේ චලනයන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ ඊට තොරතුරු ලබාදිය හැකි බව කියයි.