චීන - රුසියානු සබඳතා නව මාවතකට පිවිස ඇති බව රුසියාවේ සංචාරයක නිතර චීනයේ ඉහළ රාජ්ය තාන්ත්රිකයා වන වැන්ග් යී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.
පෙර වසරවල සැලසුම් කළ පරිදිම මෙම සබඳතා යහපත්ව පැවතීම අගය කළ පූටින්, සෑම දෙයක්ම හොඳින් ඉදිරියට යන බවද කියා සිටියේය.
කෙසේ වෙතත්, යුක්රේන යුද්ධය ඇරඹී වසරක් ගතවන අවස්ථාවේදී වැන්ග් යී රුසියාව වෙත යෑම දෙස සමස්ත බටහිරම දෑස් දල්වාගෙන සිටියි.
විශේෂයෙන්ම රුසියාව වෙත චීනයේ සහාය හිමිවීම මෙම සටනේ බටහිර බලාපොරොත්තු ඉටු නොවන තත්ත්වයක් බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.