චීන රතු කුරුසය අධීක්ෂණ කණ්ඩායම හුබෙයි වෙත යවයි


නව කොරොන වෛරසය පැතිර යාමේ කේන්ද්‍රස්ථානය වන මධ්‍යම චීනයේ හුබායි පළාතේ වුහාන් වෙත චීනයේ රතු කුරුස සංගමයේ අධීක්ෂණ කණ්ඩායම් සෙනසුරාදා පිටත් කර තිබේ.

පළාත පුරා පුණ්‍යායතනවල සහන කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා මෙම කණ්ඩායමක් යොදවා ඇති බව චීන මාධ්‍ය පවසයි.

පරිත්‍යාග විශාල ප්‍රමාණයක් ලැබී තිබියදීත්, වුහාන් සහ පළාතේ වෙනත් තැන්වල කටයුතු කරන වෛද්‍ය සේවකයින් තවමත් ආරක්ෂක උපකරණ හිඟයකට මුහුණ දී සිටින බව අනාවරණය වීමෙන් පසුව මෙම සංවිධානය විසින් මෙම අත්‍යවශ්‍ය උපකරණ බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර තිබේ.

එහිදී මෙසේ ලැබෙන පරිත්‍යාග බෙදා හරිනු ලබන්නේ කෙසේද සහ භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් අවධානය යොමුකරමින් කටයුතු කරන බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles