චීන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දැමීම ට්‍රම්ප් තවදුරටත් පමා කරයි


චීන භාණ්ඩ වෙනුවෙන් තීරුබදු ඉහළ නැංවීමේ තීරණය තවදුරටත් පමා කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

චීන භාණ්ඩ වෙනවෙන් තීරුබදු 10% සිට 25% දක්වා ඉහළ නැංවීම  මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, චීන ඇමෙරිකානු වෙළෙඳාම සම්බන්ධයෙන් දෙරට අතර පවතින මතභේද පසුගිය සාකච්ඡාවලින් බොහෝදුරට විසඳුම් ලබා ඇති බව ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම සාකච්ඡා තවදුරටත් සාර්ථක වුවහොත් චීන ජනපති ෂී ජින්පිං සමග ෆ්ලොරීඩා හි විශේෂ සමුළුවක් පවත්වා මේ අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ගෙනඒමට කටයුතු කරන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles