චීන නාවික හමුදාව දැන් ඇමෙරිකාව අභිභවා ගිහින්


චීන නාවික හමුදාව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව අභිභවා යන බවත්, බීජිං පාලනය මේ වනවිට ගෝලීය සාගරවල බලය අත්පත් කරගෙන සිටින බවටත් අනතුරු ඇඟවෙයි.

එක්සත් ජනපද නාවික ලේකම් කාර්ලොස් ටෙල් ටෝරෝ ජාතික මාධ්‍ය සංගමය අමතමින් මේ බව කියා සිටියේ, චීනය මේ වනවිට එක්සත් ජනපදයට සහ එරට මිත්‍ර රටවලටද තර්ජනයක් බවයි.

"ඔවුන් දැන් පෙරට වඩා විශාල නෞකා ඇණියක් තිබෙනවා. ඒ වගේම, ඔවුන් මේ නෞකා ලොව පුරා ස්ථානගත කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට තවත් විශාල නාවික හමුදාවක්, විශාල නෞකා ප්‍රමාණයක් අවශ්‍යයි. අනාගතයේ එන අවදානම්වලට මුහුණදිය හැකි නවීන නෞකා අවශ්‍යයි" ටෝරෝ වැඩිදුරටත් පැවසීය.



Recommended Articles