චීන ජනාධිපති හමුදාවේ 7ක් ජෙනරාල් නිලයට උසස් කරයි


චීනයේ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ (CMC) සභාපතිවරයා මෙන්ම, චීන ජනාධිපති ෂී ජින්පිං විසින් එරට හමුදා සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හත් දෙනෙකු චීනයේ ක්‍රියාකාරී සේවයේ නියුතු නිලධාරීන් සඳහා පිරිනමන ඉහළම නිලය වන ජෙනරාල් නිලයට උසස් කරන ලදී.

මෙසේ ජෙනරාල් ධුරයට උසස්වීම් ලැබූ නිලධාරීන් වන්නේ මහජන විමුක්ති හමුදාවේ (PLA) උතුරු බලකා විධානයේ දේශපාලන කොමසාරිස් ලියු කින්ග්සොන්ග්, PLA හි මධ්‍යම බලකා අණදෙන නිලධාරි වූ යනන්, PLA හි මධ්‍යම බලකා විධානයේ දේශපාලන කොමසාරිස් ෂියු ඩෙකින්ග්, PLA හි ගොඩබිම් බලකා විධානයේ දේශපාලන කොමසාරිස් කින් ෂටොන්ග්, PLA හි නාවික හමුදාවේ දේශපාලන කොමසාරිස් යුආන් හවුෂි, PLA හි මිසයිල බලකායේ අණදෙන නිලධාරී ලි යුචාඕ සහ මහජන සන්නද්ධ පොලිස් බලකායේ දේශපාලන කොමසාරිස් ෂැන්ග් හොන්ග්බින්ග් යන පිරිසයි.

චීන ජනාධිපති ෂී ජින්පිං විසින් අත්සන් කරන ලද උසස්වීම් නියෝග චීනයේ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ උප සභාපති ෂූ කිලියැන්ග් විසින් නිවේදනය කළ අතර, කොමිෂන් සභාවේ තවත් උප සභාපතිවරයෙකු වන ෂැන්ග් යූෂියාද මෙම අවස්ථාවට එක්වූහ.



Recommended Articles