චීන ජනාධිපති ඓතිහාසික රුසියානු සංචාරයකට එයි


තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං රුසියාව වෙත පැමිණ තිබේ. මෙම සංචාරය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ ආරාධනයකට අනුව සිදුව ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ක්‍රෙම්ලීනය පවසා සිටියේ යුක්රේන සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට චීන ජනාධිපතිවරයා රුසියාවට පැමිණි බවයි.

නායකයන් දෙපළ අතර හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවලට පෙර අද රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයකටද ෂී ජින්පිං සහභාගී වනු ඇත.



Recommended Articles