චීන ජනපතිගේ සුවිශේෂී CPC කතාව භාෂා රැසකට පෙරළෙයි


චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ලෙස ෂී ජින්පිං පසුගිය ජූලි 01දා බීජිං නුවරදී දේශනය පැවැත්වීය.

රුසියානු, ප්‍රංශ, ස්පාඤ්ඤ, අරාබි, ජපන් හා ජර්මානු යන අනුවාද ලෙස පරිවර්තනය කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ පක්ෂ ඉතිහාසය හා සාහිත්‍ය ආයතනය විසිනි.

ෂී සිය කතාවේදී පසුගිය වසර 100ක් තුළ පක්ෂයේ සාර්ථකත්වය සමාලෝචනය කළේය. සෑම ආකාරයකින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීමේ පළමු සියවසේ ඉලක්කය චීනය සාක්ෂාත් කර ගෙන ඇති බවත්, සෑම අතින්ම චීනය ශ්‍රේෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට පත්කිරීමේ දෙවැනි සියවසේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාව එක්සත් කර ඔවුන් වෙහෙස මහන්සි නොබලා අරගලයට නායකත්වය දීම, පක්ෂයේ ශ්‍රේෂ්ඨ ආරම්භක හැඟීම, නවීකරණයේ නව හා අද්විතීය චීන මාවත සහ මානව දියුණුව සඳහා නව ආදර්ශය පාඨකයන්ට වඩා හොඳ දැනුමක් ලබා ගැනීමට මෙම ප්‍රකාශනය උපකාරී වන බව කියයි. පක්ෂය විශේෂයෙන්ම සාමය, සංවර්ධනය, සාධාරණත්වය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස යන හවුල් මානව සාරධර්මද පක්ෂය විසින් ප්‍රවර්ධනය කර ඇත.



Recommended Articles