චීන ජනපති ෂී ප්‍රථම වරට වුහාන් නගරය වෙත සංචාරයකට ඇවිත්


චීන ජනපති ෂී ජින්පිං අද (10දා) නව කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථාය ලෙස සැලකෙන වූහාන් වෙත පැමිණි බව චීන මාධ්‍ය පවසයි.

එහිදී කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සහ පාලනය කිරීම සඳහා හුබෙයි පළාත තුළ සහ වුහාන් නගරය තුළ සිදුවන මෙහෙයුම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

වෛරසය පැතිර යාමෙන් පසුව චීන ජනාධිපතිවරයා වුහාන් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද චීන මාධ්‍ය කියයි.

එහිදී ජනාධිපතිවරයා වෛරසය ආසාදනය වූ රෝගීන්, වෛද්‍ය කණ්ඩායම්, සමාජ ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ස්වෙච්ඡා කණ්ඩායම් හමුවීමටද නියමිත බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles